IOLPS Campus

Trilingual Learning Centers

We Create Job Providers,
Not Job Seekers

INSTITUTE OF OFFICIAL LANGUAGES & PROFESSIONAL STUDIES

නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය

Trilingual Learning Center Registration

National Institute of Language Education & Training

About Us

2007 අංක 07 දරණ සමාගම් පනතින් සංස්ථාපිත Institute of Official Languages and Professional Studies – IOLPS හෙවත් නිල භා සා හා වෘතීය අධ්‍යයන ආයතනය , තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකි. එසේම අපගේ සියළුම පාඨමාලාවන් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ National Institute of Language and Education Training (NILET) පිලිගැනීම හා අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වේ. (ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය වර්තමානයේදී රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් රාජ්‍ය භාෂා පුහුණු ආයතනයයි.)

Our Vision

නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනයේ දැක්ම හෙවත් Vision පෙන්නුම් කරන්නේ We create job providers, not job seekers එනම්, ආයතනයේ අවශ්‍යතාවය වන්නේ රටට වඩාත් ගැලපෙන ක්‍ෂේත්‍ර සඳහා අවශ්‍ය දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්ප වලින් පිරි (Knowledge, Skills, Attitude) වෘත්තිකයින් බිහි කිරීමයි. වෙනත් පුහුණු ආයතන හා සැසඳීමේදී විශේෂයෙන්ම අපගේ ආයතනයේ පුහුණු ක්‍රියාවලිය රැකියා සොයන්නන් වෙනුවට තවත් අයෙකුට රැකියා උත්පාදනය කල හැකි පුරවැසියෙකු බිහිකිරීමට හැකි වන පරිදි සකසා ඇත.

1. W;=rg ol=Kg yd .ug rdcH NdId m%;sm;a;sh

රටක සංවර්ධනයේ ප්‍රධාන ලක්ෂණයක් ලෙස ජාතීන් අතර සමගිය අපට හඳුන්වා දිය හැකිවේ . ජාතීන් අතර සමගිය ගොඩනැගීමේ දී වැදගත්ම සාධකය වන්නේ එකිනෙකා අතර ගොඩනැගෙන යහපත් සන්නිවේදනය යි. හොඳ සන්නිවේදනයක් ගොඩනැගීමට නම් විවිධ ජාතීන් කතා කරන භාෂාවන් පිළිබඳ යම් දැනුමක් අනෙක් ජාතීන්ට තිබීම වැදගත් වෙයි.

ශ්‍රී ලංකාව ගත් කල ප්‍රධාන වශයෙන් සිංහල දෙමළ මැලේ හා බර්ගර් ජනතාව ජීවත් වේ. භාෂාවක් ලෙස ගත්කල සිංහල හා දෙමළ භාෂාවන් වැඩි වශයෙන් භාවිතා වේ. බහුතර ජනතාව සිංහල භාෂාව භාවිතා කරන අතර අනෙකුත් ජනතාව බොහෝ විට දෙමළ භාෂාව භාවිතා කරයි. මෙම ජාතීන් දෙකටම පොදු භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාව ක්‍රියාත්මක වේ .එසේ නම් සිංහල ජනතාව දෙමළ භාෂාව පිළිබදව ඇති දැනුමත් ,දෙමළ ජනතාවට සිංහල භාෂාව පිළිබඳ ලබා ඇති දැනුමත් ,මෙම සියලූ ජනකොටස්වලට අද වන විට ප්‍රධානතම ජාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසී භාෂා දැනුමත් ලබා තිබීම ඉතා වැදගත් වේ .

2. 2020 - 2024 jHdmD;s ld

ඉහත අරමුණු ඉටු කර ගැනීම සඳහා නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය (IOLPS) මගින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය වඩාත් පුළුල් ලෙස ගමට රැගෙන යාම සඳහා 2020 – 2024 ව්‍යාපෘති කාළය තුළ පස් අවුරුදු සැලැස්ම මගින් රටට නව රැකියා අවස්ථාවන් දස දහසක් ඇති කරමින්, තෛභාෂා ඉගෙනුම් මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

3. ff;NdId bf.kqï uOHia:dk 1000la msysgqùu

මෙම ව්‍යාපෘතිය මගින් අවම වශයෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂයකම පුහුණු මධ්‍යස්ථාන තුනක් ආරම්භ කරන අතර, ඒ මගින් පියවරින් පියවර “පළමුව පුහුණුව දෙවනුව රැකියාව” යටතේ පහත සඳහන් ක්‍ෂේත්‍රයන් තුළ රැකියා ජනිත කිරීම සිදු කෙරේ. ව්‍යාපෘතිය තුලින් ඒ අනුව ඉංග්‍රීසි ගුරුවරුන් දහසක්, දෙමළ භාෂා ගුරුවරුන් තුන්සියයක්, සිංහල භාෂා ගුරුවරුන් සියයක්, ව්‍යවසායකයින් දහසක්, කොරියානු භාෂා ගුරුවරුන් තුන්සියයක්, කළමණාකරුවන් දහසක්, කළමණාකරන සහයකවරුන් දහසක්, සම්බන්ධීකරණ රැකියා දහසක්, පරිඝණක ක්‍ෂේත්‍රයේ රැකයා දෙදහසක්, වක්‍ර රැකියා අවස්ථාවන් තුන්දහස් තුන්සියයක් රටට දායාද කිරීම අපේක්‍ෂිතයි.

4. bx.%Sis mqyqKq .=re$ Wiia ämaf,daud ,dNska oyila rgg ìyslsÍuhs

මෙම ව්‍යාපෘතිය Advanced Diploma in English Language Teaching (ADELT) ලෙස හැඳින්වේ

a) පාඨමාලාවට ඇතුලත්වීමේ සුදුසුකම්
අ.පො.ස සා/පෙ ඉංග්‍රීසි විෂය සඳහා සම්මාන සාමාර්ථයක් ලබා තිබීම අත්‍යාවශ්‍ය වේ. ඊට අමතරව අ.පො.ස උසස් පෙළ අවම ලෙස ී සාමාර්ථ 3ක් සමග සමත් වී තිබිය යුතුය. අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් මෙම උසස් ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ඇතුලත් වීමට ඉඩකඩ සලසා දෙනු ලැබේ.

b) වයස
තෝරා ගැනීමේදී වයස අවුරුදු 17 – 25 අතර තරුණ තරුණියන්ට වැඩි ප්‍රමුඛතාවයක් හිමි වේ.

c) පුහුණු පාඨමාලාවේ සැකැස්ම
මෙම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව අධ්‍යයන වාර 4ක් යටතේ පහත සඳහන් පරිදි ක්‍රියාත්මක වේ.

  1. Certificate in English
    මාස 06ක පළමු අධ්‍යයන වාරය අවසානයේ පාඨමාලාව සාර්ථකව නිම කරන අයට මෙම සහතිකය හිමි වේ.

    අපේක්‍ෂිත නිපුණතා මට්ටම
    Listening, Speaking, Reading, Writing, (Language Function) පිළබඳ පූර්ණ දැනුම ලබා දේ. 

  2. Diploma in English Language Teaching
    ඉහත පළමු අධ්‍යයන වාරය අමතරව, මාස 06ක දෙවන අධ්‍යයන වාරය හා ප්‍රායෝගික මාස 06ක පුහුණු කාළය අවසානයේදී මෙම ඩිප්ලෝමාව ලබා ගැනීමට හිමිකම් ලැබේ.

    අපේක්‍ෂිත නිපුණතා මට්ටම
    ජාතික වෘත්තීය සුදුසුකම් 05 මට්ටම (NVQ L05) මට්ටමට සමාන ලෙස නිපුණතාවය ලබා දීම මින් අපේක්‍ෂිතයි.

  3. Advanced Diploma in English Language Teaching
    ඉහත සඳහන් පලමු (Certificate in English) දෙවන (Diploma in English Language Teaching) සමග තුන්වන සහ හතරවන අධ්‍යයන වාරයන් හා වසරක ප්‍රායෝගික පුහුණු කාලයක් සම්පූර්ණ කළ පසු මෙම උසස් ඩිප්ලෝමාව හිමි වේ.

5. mdGud,dj mqyqKq lrùu

දිස්ත්‍රික් මට්ටමින් දියත් කරන පුහුණු මධ්‍යස්ථාන වලදී දේශණ සහ ඉගැන්වීම් ක්‍රියාකාරකම් සති අන්ත දින වලදී සිදු කෙරේ. ඊට අමතරව තවත් සතියේ එක් දිනක් ඔන්ලයින් “Onine” ක්‍රමය මත ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කෙරේ.

6. mdGud,d .dia;= yd Kh myiqlï

ලියාපදිංචි ගාස්තුවරු 25,000.00
පාඨමාලා ගාස්තුව
උසස් ඩිප්ලෝමාරු 325,000.00
ගෙවීම් කරන ආකාරය
එකවර ගෙවීමසම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන්නේනම් (රු 325,000.00) 20%ක වට්ටම් හිමි වේ
කොටස් වශයෙන් ගෙවීමපහත සඳහන් පරිදි කොටස් වශයෙන් ගෙවීම් කල හැකි වේ
පළමු අධ්‍යයන වාරයරු 80,000.00
දෙවන අධ්‍යයන වාරයරු 80,000.00
තුන්වන අධ්‍යයන වාරයරු 80,000.00
හතරවන අධ්‍යයන වාරයරු 85,000.00
බැංකු ණය පහසුකම්අවශ්‍ය අය සඳහා පූර්ණ පාඨමාලා ගාස්තුවම ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් ණය පහසුකමක් වශයෙන් ලබා දීමට කටයුතු කෙරේ
කොන්දේසිඇපකරුවන් දෙදෙනෙකු අවශ්‍ය වේ
ණය ආපසු ගෙවිය යුත්තේ උසස් ඩිප්ලෝමාව සම්පූර්ණ කල පසුව වේ
පාඨමාලා කාලය තුලදී ණය පොලිය අනුග්‍රාහක ආයතන/පුද්ගලයන් මගින් ගෙවනු ලැබේ

7. Wiia ämaf,daudj yeoEÍu u.ska Tng ysñ jk jdis

වෘත්තීමය ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් රැකියාව සඳහා අවස්ථාව හිමි වීම.

  1. නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය විසින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ආරම්භ කරනු ලබන තෛ භාෂා ඉගෙනුම් මධ්‍යස්තාන වල ඉංග්‍රීසි ගුරුවරයෙකු වශයෙන් රුපියල් පනස්දහසක (රු 50,000.00) මාසික වැටුපකට බඳවා ගැනීම.
  2. පෞද්ගලික හෝ ජාත්‍යාන්තර පාසැල් වල ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීමට හැකිය.
  3. ස්වයං ව්‍යවසායක ගුරුවරයෙකු ලෙස කටයුතු කල හැකි වීම.
  4. උසස් අධ්‍යාපනය හදාරණ අයට සහ රැකියාවක් සඳහා ඇතුලත් වන අයට මහඟු පිටුවහලක් වීම.
  5. උසස් ඩිප්ලෝමාව අවසන් කිරීමෙන් පසු මාස 18 ක් තුල අධ්‍යාපනවේදී උපාධිය (B.Ed Bachelor of Education) ලබාගත හැකි වීම.
  6. (B.Ed.) Bachelor of Education උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු රජයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවයට ඇතුලත් වීමට හැකිය.

8. mdGud,d we.hSu l%shdj,sh

  1. අධ්‍යයන වසර අවසන් ලිඛිත පරීක්‍ෂණ පැවැත්වීම (Written Exam).
  2. අඛණ්ඩ ඇගයීම් ක්‍රියාවලිය (Continuous Assessment).
  3. ප්‍රායෝගික පරීක්‍ෂණ (Practical Assessment).
  4. අවසන් පරීක්‍ෂණය (Final Examination).

9. YsIH;aj m%odkh

උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කරන, හොඳම ලකුණූ ලබා ගන්නා විසි දෙනාට (20) (B.Ed. – Bachelor of Education) – අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්වයක් හිමි වේ.

10. mdGud,djg f;dard .ekSfï l%shdj,sh

අයදුම්පත් කැඳවීමෙන් පසු සුදුසුකම්ලාභින් සම්මුඛ පරීක්‍ෂණයට කැඳවීම, (ආයතනයට පැමිණ හෝ ඩිජිටල් තාක්‍ෂණය මගින්) හා තෝරා ගැනීම.

11. whÿï lrk wdldrh

  1. ගුරු පුහුණු පාඨමාලාව පහත සඳහන් ක්‍රම  යටතේ අයදුම් කළ හැකි වේ.
    1. නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය ප්‍රධාන කාර්යාලය පැමිණීම මගින්.
    2 .අන්තර්ජාලය මගින්.
    3 .තැපැල් මාර්ගිකව.
     
    1. නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනයේ ප්‍රධාන කාර්යාල පැමිණීම.
     
     මගින් ඔබට මෙම ක්‍රම යටතේ ආයතන ට පැමිණ අයදුම් කළ හැකි වේ.
     පැමිණිය යුතු ලිපිනය .
    නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය,
     275,
     ප්‍රධාන වීදිය,
     බත්තරමුල්ල.
     
     2. අන්තර්ජාලය මගින්.
    02.1.  වෙබ් අඩවියට පිවිසෙන්න 
    02.2.  අයදුම්පත පුරවන්න.
    02.3.  අයදුම්පත පිරවීමෙන් පසු සම්මුඛ පරීක්ෂණයට සහභාගි වීම සඳහා කැඳවීමේ ලිපියක් ඔබ අයදුම් පත  සම්පූර්ණ කිරීමේදී ඇතුලත් කල  ඊමේල් ලිපිනයට ලැබෙනු ඇත.
    02.4. ඔබට ලැබෙන දිනය හා වේලාව ට සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන්න .සම්මුඛ පරීක්ෂණයේදී ඔබව තෝරා ගනු ලැබුව හොත් ඔබගේ සහතික පත් www.iolps.lk  වෙබ් අඩවිය මගින් අප්ලෝඩ් කළ යුතුයි.
     
    02.5. එසේම ඔබගේ ලියාපදිංචි ගාස්තුව වන රුපියල් විසිපන්දහසක මුදල (25000) බැංකු ගත කර එම රිසිට් පත ද  ඇමිණිය යුතුය .
     
    03.තැපැල් මඟින් අයදුම් කිරීම .
     
    පොත් හලෙන් ලබා ගත් අයදුම්පත්‍ක් හෝ වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත අයදුම්පතක් මේ සඳහා භාවිත කළ හැකිවේ.
     03.1. අයදුම්පත සම්පූර්ණ කරන්න
     03.2. ඔබගේ සහතික පත් එයට අමුණන්න.
     03.3 ලියාපදිංචි තැපැල් මගින් ඔබගේ අයදුම්පත යොමු කරන්න.
          (අයදුම් පත යොමුකිරීමේදී  ඔබගෙ නම හා ලිපිනය ලියූ මුද්දර ඇලවූ ලියුම් කවරයක් ද ඒ සමග අමුණා එවිය යුතුයි.)
     
     ඔබ විසින් එවිය යුතු සහතික පත් .
     
    i.  හැඳුනුම්පතේ පිටපතක් .
    ii. උප්පැන්න සහතිකයේ පිටපතක්.
    iii.අපොස සාමාන්‍ය පෙළ සහතිකයේ පිටපතක්.
    iv.අපොස් උසස් පෙළ සහතික පිටපතක්.

11. f;dard .ekSfï iy mdGud,d .dia;= f.ùu

  1. අයදුම්පත්‍ර ගාස්තුව සමග සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය යොමු කල පසුව ඒ සෑම අයදුම්කරුවෙකු සඳහාම පාඨමාලාවේ පළමු මොඩියුලය online තාක්‍ෂණය ඔස්සේ නොමිලේ ලබා දෙන අතර, ඉන් පසුව එම මොඩියුලයට අදාලව ලබා දෙන නිබන්දනය සම්පූර්ණ කර සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි විය යුතුයි. සම්මුඛ පරීක්‍ෂණය ආයතනයට පැමිණ හෝ ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ පැවැත් වේ. ඉන් පසුව තෝරා ගන්නා අයදුම්කරුවන් ලියාපිදිංචි ගාස්තුව ගෙවිය යුතුයි. එසේම තමන් විසින් තෝරා ගන්නා ගෙවීම ක්‍රමවේද යටතේ පාඨමාලා ගාස්තුව ගෙවිය හැකි වේ.
Scroll to Top