Residential English Training Programme

Residential English Training Programme

දින 20 නේවාසික ඉංග්‍රීසි පාඨමාලාව.

ඉංග්‍රීසි භාෂාව මුල සිට සරල ව ඉගෙන ගැනීමට බලාපොරොත්තු වන පාසල් හැර ගිය,අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි, අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි, විශ්වවිද්‍යාල සිසුන් හෝ රැකියාවල නිරත වන ඕනෑම අයෙකු සඳහා සුදුසු මෙම පාඨමාලාව නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය / ග්‍රීන් විලේජ් කැම්පස් මගින් සෑම මසක ම ආරම්භ කෙරේ.

දිනකට පැය 15ක කාලයක් ඉංග්‍රීසි භාෂාව සවන්දීම, කථනය, ලිවීම හා කියවීම ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් ඉතා විනෝදකාමී ලෙස ඉගෙන ගැනීමට මේ මගින් අවස්ථාව සකසා ඇත.එපමණක් නොව, දැනුම, ආකල්ප හා කුසලතා දියුණුව හා ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කළ හැකි ආචාරශීලි දරුවකු / පාඨමාලා ලාභියෙකු ආයතනයෙන් පාඨමාලාව අවසානයේ බැහැර කරවීම අපගේ අරමුණයි.

පාඨමාලා ගාස්තුව.

දින 20 සඳහා ලියාපදිංචි ගාස්තුව සමඟ සම්පුර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් පනස් පන් දහසකි. රු.55000.00.(ලියාපදිංචි ගාස්තුව සමඟ

50% පාඨමාලා ගාස්තු සහනය.

නිල භාෂා හා වෘත්තීය අධ්‍යයන ආයතනය / ග්‍රීන් විලේජ් කැම්පස් මගින් සිසුන්ට සහනයක් සලසමින් දෙමව්පියන්ගේ ආර්ථික දුෂ්කර තාවන්ට සහනයක් සලසනු වස්, පාඨමාලා ගාස්තුවෙන් 50% ක සහනයක් 2023.07.01 දින සිට ලියාපදිංචි වන අය සඳහා ලබා දීමට කටයුතු සුදානම් කර ඇති බව සතුටින් දැනුම් දෙනු ලැබේ. ඔබගේ ලියාපදිංචිය කඩිනමින් ලබා ගෙන රුපියල් 25000ක්‌ වන මෙම පාඨමාලා ගාස්තු සහනය ලබාගන්න.

ගෙවන ආකාරය.

01.ලියාපදිංචි ගාස්තුව.රු.5000.00 (ලියාපදිංචි වීමේදී )

50% සහන පාඨමාලා ගාස්තුව.රු.25000.00.(පාඨමාලාවට ලියාපදිංචි වූ මාසයේ 10 දිනට පෙර)

ආහාර සහ නේවාසික පහසුකම්.

උදේ 5.30 ට ආරම්භ වන පාඨමාලාව රාත්‍රී 10.30 දක්වා ක්‍රියාත්මක වන අතර ආහාර වේල් 3ක්‌ සහ තේ වේල් 4ක්‌ එක් දිනක් තුළ ලබාදේ. තම තමන්ට අහාර අවශ්‍ය පරිදි බෙදාගෙන කෑමට ලබා දෙන අතර තේ පානයන් දෙකක් සඳහා අතුරු ආහාර ලබාදේ. වායු සමීකරණය කරන ලද කාමර පහසුකම් සහිතව නේවාසික පහසුකම් හිමිවන අතර ආහාර සහ නේවාසික පහසුකම් දින 20 සඳහා රුපියක් 30000 ක ඉතා සහනදායි මිලකට සලසා ඇත.

ඉංග්‍රීසි භාෂා පාඨමාලාව වෙනුවෙන් ඔබ‍ට සහනදායි ක්‍රමවේදය යටතේ ගෙවිය යුතු වන සම්පුර්ණ මුදල පහත දැක්වේ. 01.ලියාපදිංචි ගාස්තුව රුපියල්.5000.00 02.සහනදායි පාඨමාලා ගාස්තුව රුපියල් 25000.00. 03.ආහාර හා නේවාසික පහසකම් ගාස්තුව රුපියල් 30000.00 04.සම්පුර්ණ ගාස්තුව රුපියල් 60000.00.